පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහි කැඳවීම් යොමු කිරීමටද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
(colombotimes.lk)