10 May 2026

logo

අ.පො.ස සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම වෙයි



අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී අදාළ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. 
 
එමෙන්ම පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවරත් එම ක්‍රමවේදයම අනුගමනය කරන බව සඳහන්. 
 
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වන බවයි.
(colombotimes.lk)