දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000ට ආසන්න වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඊයේ (23) දිනය දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් බවයි.
එමෙන්ම මෙම මාසයේ ඊයේ (23) දිනය දක්වා ඩෙංගු රෝගීන් 14,446ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රෝගීන් 10,085ක් වාර්තා වූ බවයි.
එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ 29ක් සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
