T20 ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියා ඩේවිඩ් වෝනර් සමත්වී තිබෙනවා.
ඒ ශතක 9ක් ලබා ගනිමින් මෙතෙක් එම ලැයිස්තුවේ 3වන ස්ථානය හිමි කරගෙන සිටි විරාත් කෝලිව අභිබවා යමින්.
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී වෝනර් පන්දු 65කින් ලකුණු 130ක් රැස් කරමින් තමන්ගේ 10වන T20 ශතකය වාර්තා කළා.
මෙතක් T20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්.
ඔහු T20 පිටියේදී ශතක 22ක් රැස් කර තිබෙනවා. 
(COLOMBOTIMES.LK)
