23 February 2025


සංජීව ඝාතනයේ සැකකරුවන්ට දින 90ක රැඳවුම් නියෝගයක්



ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ ඔහුව පුත්තලමට රැගෙන ගිය වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය දින 90ක රැඳවුම් නියෝගයක් අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)