02 August 2025

logo

අර්චුනාගේ මන්ත්‍රී ධූරය ගැන විරෝධතා ගොනු කිරීමට කල් දෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් දින ලබාදී තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අද (01) අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ අනුව නඩුකරයට අදාළ විරෝධතා සති 04ක් තුළ ගොනු කිරීමට විනිසුරු මඬුල්ල කල් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති 02ක් තුළ ගොනු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් 26වනදා කැඳවීමට දින නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)