20 December 2025

logo

WATCH VIDEO | ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන තවත් ඉහළට



ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව පාලම කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දුම්රිය අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
(colombotimes.lk)