22 November 2024


ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට



ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බවයි.

තවත් පුද්ගලයන් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන් අතුරුදන් වී තිබෙනවා.

එමෙන්ම පාලම් සහ ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසයි.

1973 වසරේ ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

(colombotimes.lk)