07 January 2026

logo

දුම්රිය මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණයක්



ඉන්දීය මූල්‍ය පහසුකම යටතේ දුම්රිය මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 74ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම කඩුගන්නාවේ සිට පේරාදෙණිය දක්වා මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 02ක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළා. 

මේ අතර ඉන්දීය මූල්‍ය පහසුකම මඟින් සිදු කෙරෙන උතුරු මාර්ගයේ මහව සහ ඕමන්ත අතර කොටස ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඩොලර් මිලියන 05ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)