04 December 2025

logo

යමුනා ගංගාවේ ජල මට්ටම පහත වැටේ



ඉන්දියාවේ යමුනා ගංගාවේ ජන මට්ටම මේ වනවිට පහළ වැටී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය දින කිහිපයේ ගංගාවේ ජලය පිටාර ගැලීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී තිබුණා.

ගෙවුණු වසර 45කට වැඩි කාලයක් තුළ මෙතෙක් වාර්තා නොවූ ඉහළම අගයක වර්ශාපතනයක් පසුගිය දින කිහිපයේ වාර්තා වූ බව සඳහන්. 

මේ හේතුවෙන් අවට පහත් බිම්වලින් ජනතාව දහස් ගණනක් ඉවත් කර තිබුණා.

ජුනි මාසයේ ආරම්භ වූ මෙම මෝසම් සමයේදී උතුරු ඉන්දියාවට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.
(colombotimes.lk)