31 December 2025

logo

හිතාමතා මකාදැමූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත



මෙරට මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් අනතුරුව හිතාමතා මකාදමා තිබෙනවා.

මේ පිලිබඳ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කර සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ වෝහාරික පරීක්ෂණය මඟින් මෙම කරුණු අනාවරණය වූ බවයි.
(colombotimes.lk)