ඩෙංගු ඇතුළු වෛරස් රෝගී තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත වන රෝගී සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ මේ අතර දෛනිකව ඩෙංගු රෝගීන් රෝහල් ගත වීම ද ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ (13) දිනය වන විට ඩෙංගු රෝගීන් 41,144 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 51%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
