14 June 2026

logo

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් ගෑස් සිලින්ඩර් පටවන ලද රථයක ගැටීමෙන් ඊයේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මාතලේ පොලිස් වසමේ A09 මාර්ගයේදීයි.

එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 04ක් වන කුඩා දරුවෙක් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු වයස අවුරුදු 74ක් වන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)