20 August 2025

logo

දේශබන්දු පුටුවෙන් බස්සන්න නාමල් හරස් වෙයි



ස්ථාවර නියෝග 91F යටතේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළ කාරණයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.  

ඒ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව අද (05) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදීයි.
 
මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 09ක් තිබෙන බවත් පාර්ලිමේන්තු විවාදයෙන් අධිකරණ නඩුවේ ප්‍රතිඵලවලට බලපෑමක් සිදු නොවන බවට කථානායකවරයා සහතික විය යුතු බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 
නාමල් රාජපක්ෂ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර විවාදය ආරම්භ කරන ලෙසයි. 

අදාළ විධිවිධාන අධ්‍යයනය කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදය සැලසුම් කර ඇති බවත් එමනිසා යෝජනාව ඉදිරිපත් කිරීම අද (05) විවාදයට ගැනීමට ඉඩලබා දෙන බව ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා කියා සිටියා. 

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම නීත්‍යානුකූල බවට නාමල් රාජපක්ෂ සඳහන් කළ අතර කථානායක ජගත් වික්‍රමරත්න සමඟද ගැටෙමින් උණුසුම් විවාදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)