18 April 2025


දේශබන්දු යළි රිමාන්ඩ්



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.

(colombotimes.lk)