27 November 2025

logo

අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා මරණ තවත් ඉහළට



මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්වී තිබෙන බවයි. 

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයන් 4,008ක් ආපදාවට ලක්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවමත් පුද්ගලයන් 14දෙනෙක් අතුරුදන් වී සිටින බවයි.
 
මේ අතර සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 10දෙනෙක් මේ වන විට තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පවුල් 41කට අයත් පුද්ගලයන් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ පවුල් 136කට අයත් පුද්ගලයන් 472දෙනෙක් මේ වන විට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතර වී සිටින බවයි. 

(colombotimes.lk)