අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 611දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් 213දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.
එමෙන්ම පවුල් 576,626කට අයත් පුද්ගලයන් 2,054,535දෙනෙක් ඉන් පීඩාවට පත්වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
ඉන් පවුල් 33,622කට අයත් පුද්ගලයන් 114,126දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පූර්ණ නිවාස හානි 4309ක් සිදුවී ඇති අතර තවත් නිවාස 69,635කට අර්ධ ලෙස හානි සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
