මුළු දිස්ත්‍රික්කයටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 356ක් අතුරුදන්වී තිබෙන බවයි.
එමෙන්ම පවුල් 448,817කට අයත් පුද්ගලයන් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 53ක් හා කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)
