21 December 2025

logo

ආපදා නිසා හානි වූ සත්ත්ව ගොවිපොළවල් සංඛ්‍යාව හෙළි කරයි



ආපදා තත්ත්වයෙන් සත්ත්ව ගොවිපොළවල් 16000කට හානි සිදු වී තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අධ්‍යක්ෂ කේ. කේ සරත් සඳහන් කළේ වැඩිම හානිය සිදුවී ඇත්තේ කුකුළු ගොවිපොළවල්වලට බවයි. 

එලෙස හානි වූ සෑම ගොවිපොළක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)