සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඒ ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කිරීම හේතුවෙන්.
ඒ අනුව පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ පියවර ගනු ඇති බව මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.
(colombotimes.lk)