21 December 2025

logo

දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් ගැන අනාවරණයක්



දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළදී ඉන්දියාවෙන් සංචාරකයන් 10,453ක් පැමිණ තිබෙන බවයි. 

එමෙන්ම රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඕස්ට්‍රේලියා ජාතිකයන් 2,594ක් ද දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළදී මෙරටට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2025 වසරේ ජනවාරි 01වනදා සිට දෙසැම්බර් 08වනදා දක්වා සංචාරකයන් 2,153,815ක් මෙරටට පැමිණ තිබෙන බවයි. 

ඒ අතරින් සංචාරකයන් 485,249ක් ඉන්දියාවෙන්, 164,013ක් රුසියාවෙන් සහ 195,565ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

(colombotimes.lk)