වියළි කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම සඳහන් කළේ පොල්අතු මෝදර ගඟට කරදිය මුසුවීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී ගැටලු මතුවී ඇති බවයි.
මේ හේතුවෙන් වැලිගම මිදිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී තිබෙනවා.
කරදිය මුසුවීම වැලැක්වීම සඳහා එම ප්‍රදේශයේ තාවකාලික ලවණ බාධකයක් ඉදි කිරීම ආරම්භ කර තිබෙන බවයි.
කැලණි ගඟට කරදිය මුසුවීම වැලැක්වීම සඳහා තාවකාලික ලවණ බාධකයක් ඉදිකර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය සඳහන් කළා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)