ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති දිට්වා සුළි කුණාටුව මඩකලපුව සිට 20kmක් නිරිත දෙසින්, අක්ෂ 7.6°N සහ දේශාංශ 81.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරන බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 


