24 January 2026

logo

වෛද්‍ය වර්ජනය අදත් - GMOA දැඩි තීරණයක



වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේදීත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ඒ අනුව පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් එළඹෙන සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)