දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය පටවාගෙන තිබූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළා.
මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරනු ලබනවා.
