24 January 2026

logo

වසර 12ක ඉතිහාසය වෙනස් වෙයිද? ශ්‍රී ලංකා - එංගලන්ත තීරණාත්මක දෙවන එක්දින තරගය අද



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වුණා.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් තරගාවලිය ජය එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලි ජයක් අවසාන වරට හිමි කර තිබෙන්නේ 2014 වසරේදී වීම විශේෂත්වයක්.

එහිදී තරග 7ක් ඇතුළත් වූ තරගාවලිය තරග 5 - 2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

(colombotimes.lk)