පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළේ පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 යන දිනවල රැස්වීමට එහිදී තීරණය වූ බවයි.
පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේදීම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ථිඑබ්නවා.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.
