21 January 2026

logo

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා



ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන්යානය සුළු විදුලි දෝෂයකට ලක්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බවයි. 

එම ගුවන්ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ මෙය සිදු වී තිබෙනවා.
 
ඇමරිකානු බලධාරීන් සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප් වෙනත් ගුවන්යානයක් භාවිතා කරමින් ස්විස්ටර්ලන්තය බලා පිටත්වීමට නියමිත බවයි. 

(colombotimes.lk)