නවසීලන්තයේ සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියක නායයෑමක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නායයෑමෙන් දරුවෙක් ඇතුළු කිහිපදෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි.
එලෙස අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා.
එම ප්‍රදේශයයේ පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ මෙම නායයෑම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)
