17 September 2025

logo

උණුසුම් දිනවල සුනඛයින්ගේ සපා කෑම් ඉහළට



ඇමරිකාවේ නගර අටක සිදුවූ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. 

මේ සඳහා 2009 සිට 2018 කාලය තුළ සිදුවූ සුනඛ පහරදීම් 69,525ක දත්ත යොදාගෙන ඇති බව සඳහන්.
 
එහිදී අනාවරණය වී ඇත්තේ පරිසර උෂ්ණත්වය ඉහළ යන විට සුනඛයින්ගේ ස්වභාවය ප්‍රචණ්ඩ වන බවයි. 
 
මේ හේතුවෙන් ඔවුන් සපා කෑම් සහ ප්‍රහාර දීම සිදුකරන බවද සඳහන්. 
 
ඒ අනුව දිනකට මෙවැනි සුනඛ පහරදීම් අවම වශයෙන් 3ක් පමණ වාර්තා වන බවයි පරීක්ෂකයින් සඳහන් කළේ. 
 
නමුත් වැසි දිනවල සුනඛ සපාකෑම් අඩු වන බව ද එම පරීක්ෂණයෙන් හෙළිව තිබුණා. 
 
මීට පෙර මිනිසුන් සම්බන්ධයෙන් සිදු කරන ලද මෙවැනිම පර්යේෂණයකින් මෙයට සමාන ප්‍රතිඵලයක් ලබාදී තිබුණා. 
 
එහිදී අනාවරණය වී ඇත්තේ පරිසරය උණුසුම් වනවිට මිනිසුන්ගේ ප්‍රචණ්ඩ බව වැඩිවීම හේතුවෙන් සිදුවන මිනීමැරුම් ප්‍රමාණය ඉහළ යන බවයි.
(colombotimes.lk)