08 January 2026

logo

සබරගමුවට විශාල සේවයක් කරනවා - නවීන්



තමාට හිමි වූ බලතල පාවිච්චි කර සබරගමු පළාතට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළා. 

සිය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. 
 
ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තමාට එම තනතුර ලබාදුන් බවත් එය කැබිනට් අමාත්‍ය ධූරයක් හා සමාන බලතල ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)