මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ පසුගිය වසරේ මාස 06ට සාපේක්ෂව එම වර්ධනය සිදුවී ඇති බවයි.
කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරී මිළ ගණන් පවත්වාගෙන යාමෙන් ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකිවූ බව කළමණාකර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)