08 December 2025

logo

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි



දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මතවූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය එම දැනුම්දීම සිදුකර තිබුණා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්මත කරගෙන තිබුණේ, ඊයේ (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමකින් අනතුරුවයි.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිව තිබුණා.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවයි.
(colombotimes.lk)