08 July 2025

logo

දහම් පාසල් ගුරුවරුන් සඳහා දීමනාවක්



දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරුවරුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දීමනාවක් ලෙස රුපියල් 7,500ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීමට මෙසේ අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා. 

දහම් පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)