රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට තවදුරටත් ප්‍රතිකාර කරමින් සිටින බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසනවා.
ඔහු කියා සිටියේ ප්‍රතිකාර සිදු කරන තෙවන දිනය වන අද (08) එම හස්තියාගේ යම්තාක් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම හස්තියාගේ අත්වල සහ කකුල්වල චලනයන්හී යම් මට්ටමක වර්ධනයක් තිබෙන බවත්, හස්තියා විසින් යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පශු වෛද්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හස්තියාගේ තත්ත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින බවත්, නමුත් ඊයේ (07) දිනයට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.
(colombotimes.lk)