මේ වන විට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ. එල්. උදය කුමාර පෙරේරා 2025-07-10 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වන සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. පේමරත්න පත් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)