08 July 2025

logo

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන්ට ඇප



ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් 04දෙනෙක් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා. 

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව සැකකරුවන් තිදෙනෙක් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් හා එක් සැකකරුවෙක් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. 

එමෙන්ම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් මස 14වනදා යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)