colombotimes.lk
සිංහල | English

08 September 2024


ඩ්‍රැගන් ෆයර් රුසියා - යුක්‍රේන යුද පෙරමුණට



එක්සත් රාජධානිය විසින් යුද උපකරණ වෙළඳපොලට 'ඩ්‍රැගන් ෆයර්' නමින් නවතම අවියක් හඳුන්වා දී තිබෙනවා.

ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් විසින් මෙම අවිය සාර්ථකව අත්හදා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අවිය ඩ්‍රැගන් හෙවත් මකරා යන අර්ථයෙන් හඳුන්වා දී ඇත්තේ එය සක්‍රීය කළ විට මකරෙකු ගිනි පිඹින ආකාරයෙන් දුරට දර්ශනය වීම හේතුවෙන්.

මෙය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුදලක් වැය කර තිබෙනවා.

මෙම අවිය විශේෂ වන්නේ ලේසර් කිරණයක් ඉලක්ක වෙත මුදාහැරෙන අතර ඉතා සාර්ථකව ඩ්‍රෝන යානා විනාශ කිරීමට ඇති හැකියාව නිසයි. 
(colombotimes.lk)