අධිවේගී මාර්ගවල ආසන පටි නොපැළඳ රථවාහන ධාවනය කරන සහ රථවාහනවල ගමන් ගන්නා සියලුදෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී. ජේ. සේනාධීර සඳහන් කළේ එවැනි රියැදුරන් 18දෙනෙක්ට එරෙහිව ඊයේ (27) දඩ පැනවීමට කටයුතු කළ බවයි.
මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)
