25 January 2026

logo

දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රාවල කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය



මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බවයි.

එමෙන්ම එම බහුදින ධීවර යාත්‍රාව තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)