colombotimes.lk
සිංහල | English

13 September 2024


ENG Vs SL - 1st Test | එංගලන්ත පළමු ඉනිම නිමා වෙයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කර ගත්තා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් Jamie Smith ලකුණු 111ක් සහ Harry Brook ලකුණු 56ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 103කට කඩුලු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 85කට කඩුලු 3ක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 236ක් පමණයි.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පසු පසින් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)