පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24දෙනෙක්ට එරෙහිව ගොනු කළ නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නඩුකරයට අදාළව විත්තිකරුවෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11වනදා දක්වා කල්දමා තිබෙනවා.
(colombotimes.lk)