colombotimes.lk
සිංහල | English

17 September 2024


Ed Sheeran උසාවියේදී කඳුළු සලයි (VIDEO)



Ed Sheeran ගායනා කරන ඉතා ප්‍රසිද්ධියට පත්වූ ගීතයක් වන Thinking Out Loud වෙනත් ගීතයක පිටපතක් ලෙසට පවසමින් පසුගියදා ඔහුට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණා.

ඒ අනුව Thinking Out Loud ගීතය Marvin Gaye ගේ Let's Get It On ගීතයෙන් පිටපත් කරගෙන ඇති බවට මෙසේ චෝදනා එල්ල වී තිබුණා.

New York මෑන්හැටන් ෆෙඩරල් උසාවියේ ජූරි සභාව විසින් Thinking Out Loud ගීතය Let's Get It On ගීතයේ පිටපතක් නොවන බවට තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ තීන්දුවෙන් පසු අදහස් දක්වමින් Ed Sheeran පැවසුවේ, 'මම මිනිසුන්ට රස විඳීමට සංගීතය ලිවීමට ප්‍රිය කරන ගිටාර් එකක් ඇති පුද්ගලයෙක් පමණයි' යනුවෙනි.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ co-writer Amy Wadge පැවසුවේ ඩොලර් මිලියන 100 ක නඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය සහ Ed Sheeran කඳුළු සැලූ බවයි.