21 October 2025

logo

විදුලි බිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? කොමිසමේ තීරණය කියන දවස දැනුම්දෙයි



විදුලි ගාස්තු 6.8%කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති 02කින් ලබාදෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
 
ඔහු කියා සිටියේ එම තීරණය මේ මස 15වනදා හෝ ඊට ආසන්න දිනකදී ලබාදෙන බවයි. 

විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වනවා. 

ඔහු කියා සිටියේ එහි අවසන් සැසියවන බස්නාහිර පළාතේ අදහස් විමසීම මේ මස 8වනදා පැවැත්වීමෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)