මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා.
එම ජලාශයන් භාර ඉංජිනේරුවන් වාර්තා කරන්නේ අද (08) වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම, පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම, පිටාර මට්ටමට අඩි 11 ක් වන බවයි.
ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් වැඩි දුරත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)
