08 September 2025

logo

දශක දෙකකට පසු ඇඹිලිපිටියේ කඩදාසි කම්හලට යළි පණ දෙයි



දශක දෙකකට අධික කාලයක් අභාවයට යමින් තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ අද (18) යළි ආරම්භ කළා.

ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 20ක පෞද්ගලික ආයෝජයනයක් යටතේයි.

මෙරට දෙවන කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව ආරම්භ කළා.

පසුව විවිධ හේතු මත 2003 වසරේදී එහි කඩදාසි නිෂ්පාදනය නැවතුන අතර 2012 වසරේදී කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම වසා දැමුණා.

(colombotimes.lk)