08 September 2025

logo

රනිල් වික්‍රමසිංහගේ තීරණයකට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි 12වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)