අනතුරුදායක ආකාරයෙන් රථ වාහනවලට අමතර කොටස් සවි කිරීමට එරෙහිව පනවා ඇති නීති අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන වර්ණ සහිත අමතර විදුලි පහන් සහ නීතිවිරෝධී සවි කිරීම් සහිත වාහනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඊට අමතරව අධික ශබ්ද සහිත සයිලන්සර් සහ ඝෝෂාකාරී නලාවලට එහිදී දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.
එවැනි වාහන පරීක්ෂා කිරීම සඳහා අද සිට දිවයින පුරා පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)