ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ මෙම යුද්ධය අවසන් වනවා දැකීම බවත් ඊශ්‍රායලය විසින් තමන්ගේ කොන්දේසි පිළිගෙන ඇති බවයි.
ඒ අනුව සිය කොන්දේසි හමාස් සංවිධානය විසින්ද පිළිගත යුතු බවත් පිළි නොගැනීමේ ප්‍රතිවිපාක සම්බන්ධව තමන් හමාස් සංවිධානයට මින් පෙර අනතුරු අඟවා ඇති බවත් සිය ගිණුමේ ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සිය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)