02 July 2025

logo

විදුලිය බිඳ වැටීමට හේතුව බලශක්ති අමාත්‍ය හෙළි කරයි



මේ වන විට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ එම බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙක් ගැටීම බවයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් අනෙකුත් ප්‍රදේශවලට හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)